Welcome to the official webpage of District Secretariat, Nuwara Eliya
District Secretariat, Nuwara Eliya.

District Secretary

GA MADAM

 

Mrs. R.A.D.T.N.Thennakoon

ආර්.ඒ.ඩී.ටී.එන්.තෙන්නකෝන් මහත්මිය

திருமதி. ஆர்.ஏ.டி.டி.என். தென்னகோன்

View more

නුවරඑළියේ එළවලු පිට පළාත් වෙත ප්‍රවහානය සඳහා අවශ්‍ය ඉන්ධන නුවරඑළිය යුධ හමුදා සිංහ රේජිමේන්තු කඳවුර මගින් ලබා දීම සඳහා විශේෂ වැඩසටහනක් ආරම්භ කළ බව දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා පැවසීය.
සමස්ථ උඩරට එළවලු නිෂ්පාදනයෙන් වැඩි ප්‍රමාණයක් නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් නිෂ්පාදනය කිරීම සිදුවේ. ඉන්ධන අර්බුදය හමුවේ මෙම එළවලු පිට පළාත් වෙත ප්‍රවහානයෙදි විවිධ ගැටළු ඇති වු අතර එය ගොවින්ගේ ආද්‍රායමට දැඩි ලෙස බලපැම් එල්ල විය.
මෙම තත්වය සැළකිල්ලට ගනිමින් අදාල වැඩපිළිවෙල සැකසු බව දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා පැවසීය.
එසේම පිට පළාත් වෙත එළවලු ප්‍රවහානය කරනු ලබන ලොරි රථ මගින් නැවත පැමිණිමේ දි නුවරඑළිය දිස්ත්‍රික්කට අවශ්‍ය අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය රැගෙන එම සිදුවන අතර මෙම වැඩ පිළිවෙල මගින් දිස්ත්‍රික්කයට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ප්‍රවහානයද සිදුවන බව දිස්ත්‍රික් ලේකම්වරයා තව දුරටත් පැවසීය.

291514176 347752214188108 2142229913872604989 n