Welcome to the official webpage of District Secretariat, Nuwara Eliya
District Secretariat, Nuwara Eliya.

District Secretary

GA MADAM

 

Mrs. R.A.D.T.N.Thennakoon

ආර්.ඒ.ඩී.ටී.එන්.තෙන්නකෝන් මහත්මිය

திருமதி. ஆர்.ஏ.டி.டி.என். தென்னகோன்

View more

නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම සම සභාපතිවරුන් වන මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතාගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් 2024 ජුනි 11 වන දින නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.


2024 වර්ෂය සදහා රජය මගින් ක්‍රියාත්මක කරන සංවර්ධන ව්‍යාපෘති වල නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රගතිය විමසා බැලීම මෙහිදී ප්‍රධාන වශයෙන් සිදු කෙරිණ. නුවරඑළිය දිස්ත්‍රික්කයේ විශේෂ අවශ්‍යතා ඇති පිරිස් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ දී අවස්ථාව ලබා දී තිබු අතර ඒ සම්බන්ධයෙන් දේශපාලන නියෝජිතයන් සහ නිලධාරීන් අතර පුළුල් සාකච්ඡාවක් ඇතිවිය. දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවට කැඳවන රාජ්‍ය ආයතනවල ප්‍රගතිය විමසා බැලීම සහ එම ආයතන වල ගැටළු වලට පිළියම් ලබාදීම මෙහිදී සිදුකෙරුණු අතර කමිටුවට ලැබී තිබු ලිපි සම්බන්ධයෙන්ද සාකච්ඡාවට බඳුන් විය.


මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බි රත්නායක මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී පාර්ලිමේන්තු මන්ත්‍රී වී. රාධක්‍රිෂ්ණන් මහතා ඇතුළු මහජන නියෝජිතයින් සහ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගි වූහ.


නුවරඑළිය දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය.

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

16

17

18

19

20

21

22

23

24

25

26

27

28

29

30

31

32