Welcome to the official webpage of District Secretariat, Nuwara Eliya
District Secretariat, Nuwara Eliya.

District Secretary

GA MADAM

 

Mrs. R.A.D.T.N.Thennakoon

ආර්.ඒ.ඩී.ටී.එන්.තෙන්නකෝන් මහත්මිය

திருமதி. ஆர்.ஏ.டி.டி.என். தென்னகோன்

View more

නුවරඑළිය දිස්ත්රික් සම්බන්ධිකරණ කමිටු රැස්වීම පැවැත්වේ.
====================
නුවරඑළිය දිස්ත්රික් සම්බන්ධිකරණ කමිටු රැස්වීම නුවරඑළිය දිස්ත්රික් සංවර්ධන කමිටු ගරු සභාපති පර්ලිමේන්තු මන්ත්රී මංජුල සුරවීර ආරච්චි මහතාගේ ප්රධානත්වයෙන් අද (04) දින නුවරඑළිය දිස්ත්රික් ලේකම් කාර්යාලයීය ආශ්චර්ය ශාලාවේ දී පැවැත්විණි .
මෙහිදී අදහස් දැක්වු දිස්ත්රික් සම්බන්ධිකරණ කමිටුවේ ගරු සභාපති පpර්ලිමේන්තු මන්ත්රී මංජුල සුරවීර ආරච්චි මහතා සදහාන් කලේ නව රජයේ අය වැය යෝජනා වලින් විශාල ප්රතිපාදන මුදලක් මෙම දිස්ත්රික්කයට වෙන්වන බවත්, එම ප්රතිපාදන මගින් සාර්තකව, කඩිනමින් සංවර්ධන ව්යාපෘති සිදුකිරිමට පියවර ගැනිම සියලු නිලධාරින්ගේ වගකිම බවය.
සභාපතිවරයා තව දුරටත් සදහන් කලේ මිට පෙර ඇතැම් අංශවලට පැමිණි ප්රතිපාදන වැඩකට නෙගෙන නැවත ගිය බවත්, එම තත්වය සැලකිල්ලට ගෙන ප්රතිපාදන වෙන් කිරිම තරමක් අඩුවි ඇතත්, සංවර්ධන වැඩ සාර්තකව සිදු කරන්නේනම් දෙවන අධියර යටතේ ද ප්රතිපාදන වෙන් කිරිමට හැකියාව ඇති බවය.
දිස්ත්රික්කයේ ගිනි ගැනිම් ආපදා හේතුවෙන් විනාසවු නිවාස "ක්ලින් ශ්රි ලංකා" වැඩ සටහනට සමගාමිව වතු පාලන අධිකරිය, රාජ්ය නොවන සංවිධාන ඇතුලු පිරිස එක්කරගනිමින් සකස් කිරිමට පියවර ගන්නා බව ද මංජුල සුරවිර ආරච්චි මහතා තව දුරටත් පැවසිය.
නුවරඑළිය ග්රෙගරි වැව ජලජ ශාඛ ඉවත්කර පවත්වාගෙන යාම සම්බන්දව මෙහිදි සාකච්ඡාවිය.
ඉඩම් සංවර්ධනය, සෞඛ්ය සංවර්ධනය , වාරීමාර්ග සංවර්ධනය, පාසල් සංවර්ධනය, ජල සම්පාදනය යන කරුණු පිළිබඳවද මෙහිදි සාකච්ඡාවට ගැනිණ.
මෙම සම්බන්ධිකරණ කමිටු රැස්වීම සදහා අධ්යාපන හා උසස් අධ්යාපන නියෝජ්ය අමාත්ය මධුර සෙනෙවිරත්න, පර්ලිමේන්තු මන්ත්රීවරුන් වන ජිවන් තොන්ඩමන් සහ ආර්.ජි විජේරත්න යන මහත්වරුන්,
නුවරඑළිය දිස්ත්රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය, දිස්ත්රික් සැළසුම් අධ්යක්ෂකා චමිලා රණසිංහ මහත්මිය ඇතුලු උසස් රාජ්ය නිලධාරීන් පිරිසක් එක්ව සිටිහ.
 
1
 
2
 
3
 
4
 
5
 
6
 
7
 
8
 
9
 
10
 
11