Welcome to the official webpage of District Secretariat, Nuwara Eliya
District Secretariat, Nuwara Eliya.

District Secretary

GA MADAM

 

Mrs. R.A.D.T.N.Thennakoon

ආර්.ඒ.ඩී.ටී.එන්.තෙන්නකෝන් මහත්මිය

திருமதி. ஆர்.ஏ.டி.டி.என். தென்னகோன்

View more

නුවරඑළිය දිස්ත්රික්කයේ මාධ්යස්ථාන 540 කට ඡන්ද පෙට්ටි, පත්රිකා ඇතුළු මැතිවරණය ට අදාළ ලිපි ලේඛන සහිතව මැතිවරණ නිලධාරීන් පිටත්කර යැවිමේ කටයුතු අද (05) උදැසන සිට ආරම්භ කල බව දිස්ත්රික් තේරීම් භාර නිලධාරී / දිස්ත්රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය පැවසීය.
දිස්ත්රික් තේරීම් භාර නිලධාරීතුමියගේ ප්රධානත්වයෙන් පැවති
ජේෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරුන් ඇතුළු මැතිවරණය නිලධාරීන් ට උපදෙස් ලබාදිමෙන් අනතුරුව ඔවුන් හට පොලිස් ආරක්ෂාව සහිතව වහාන නිකුත් කිරීම නගර සභා පිටිය සහ ග්රේගරි වැව රථ ගාලේ දී ආරම්භ විය.
අනතුරුව ඔවුන් ට ගාමිණී ජාතික පාසල් දී ඡන්ද පෙට්ටි , පත්රිකා ඇතුළු ද්රව්ය නිකුත් කිරීම ආරම්භ විය.
ඉන් අනතුරුව නුවරඑළිය නගර සභා පිටියේ දී මාධ්ය වෙත විශේෂ ප්රකාශයක් සිදු කරමින් දිස්ත්රික් තේරීම් භාර නිලධාරී / දිස්ත්රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය මෙම අදහස් පැවසිය.
දිස්ත්රික් තේරීම් භාර නිලධාරීවරිය තව දුරටත් සදහන් කලේ නුවරඑළිය දිස්ත්රික්කයේ පළාත් පාලන ආයතන 12 ක් වෙත සභිකයින් 300ක් තෝරා ගැනීමට නියමිත බවත්, ඒ සදහා නුවරඑළිය දිස්ත්රික්කයේ ඡන්ද දායකයන් 610117 සුදුසුකම් ලබා ඇති බවත්ය.
ඉන් 18342 ක් තැපැල් ඡන්ද භාවිතා කිරීම ට සුදුසුකම් ලබා ඇති බවත්, පැවසු දිස්ත්රික් තේරීම් භාර නිලධාරීවරිය තව දුරටත් සදහාන් කලේ
අද සවස 2 පමණ වනවිට සියලු ඡන්ද මාධ්යස්ථාන වෙත ඡන්ද පෙට්ටි සහ නිලධාරීන් ලගාවීමෙන් අනතුරුව නිලධාරීන් විසින් මැතිවරණය පෙරහුරුව පැවැත්වීමට නියමිත බවය.
මෙවර දිස්ත්රික්කයේ මැතිවරණය කටයුතු සදහා නිලධාරීන් 6352ක් පමණ යොදවා ඇති බවත්, ආරක්ෂාව සදහා නිලධාරී- 1500 ක් පමණ සහ මැතිවරණය කටයුතු සදහා රථ වහාන 735 ක් යොදවා ඇති බවත් පැවසු ඇය තව දුරටත් සදහාන් කලේ දිස්ත්රික්කය තුල නිදහස් සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට අවශ්ය සියලු කටයුතු සුදානම් කර ඇති බවයි.
1
2
3
4
5