Welcome to the official webpage of District Secretariat, Nuwara Eliya
District Secretariat, Nuwara Eliya.

District Secretary

GA MADAM

 

Mrs. R.A.D.T.N.Thennakoon

ආර්.ඒ.ඩී.ටී.එන්.තෙන්නකෝන් මහත්මිය

திருமதி. ஆர்.ஏ.டி.டி.என். தென்னகோன்

View more

නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්වීම නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටු ගරු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි මංජුල සුරවීර ආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් 2025.06.11 වන දින නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ආශ්චර්ය ශාලාවේ දී පැවැත්විණි .
මෙවර නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් පැවති රාජ්‍ය වෙසක් උත්සවය සාර්ථක කර ගැනීමට සහයෝගය ලබාදුන් සියලු දෙනාට මෙහිදී සම්බන්ධිකරණ කමිටු සභාපතිවරයා සිය ස්තුතිය ප්‍රකාශ කළේය.
කොත්මලේ ප්‍රදේශයේ සිදුවූ බස් අනතුරෙන් ජිවිත අහිමි වුවන් වෙනුවෙන් සිය ශෝකය පලකල සභාපති වරයා , මෙවන් අනතුරු වලක්වා ගැනීම සම්බන්ධයෙන් රජය පුර්ණ මැදිහත්වීම සිදුකරණ බවද කියා සිටියේය. වැඩිදුරටත් අදහස් දැක්වූ එතුමන් කියා සිටියේ ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රධාන මාර්ගවල අනතුරුදායක ස්ථාන 100ක් හදුනාගෙන එම ස්ථාන ප්‍රතිසංස්කරණය කිරීමටත්, දිස්ත්‍රික්කයේ ග්‍රාමීය රෝහල් 24 ක් හදිසි ප්‍රතිකාර කිරීමේ මට්ටම දක්වා වැඩි දියුණු කිරීමටත් 2026 අයවැයෙන් ප්‍රතිපාදන ලබාදීමට යෝජනා වූ බවය.
මෙම සම්බන්ධිකරණ කමිටු රැස්වීම සදහා අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වි. රාධා ක්‍රිෂ්ණා, පි.ජි. විජේරත්න, අනුෂ්කා තිලකරත්න. කේ. කලෙයිචෙල්වි යන මහත්ම මහත්මින්,නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය, , මධ්‍යම පලාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා ඇතුළු උසස් රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.
1
2
3
4
5
6
7
8
9
10
11
12