Welcome to the official webpage of District Secretariat, Nuwara Eliya
District Secretariat, Nuwara Eliya.

District Secretary

GA MADAM

 

Mrs. R.A.D.T.N.Thennakoon

ආර්.ඒ.ඩී.ටී.එන්.තෙන්නකෝන් මහත්මිය

திருமதி. ஆர்.ஏ.டி.டி.என். தென்னகோன்

View more

නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්වීම නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටු සම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් 2025.12.16 දින නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ආශ්චර්ය ශාලාවේ දී පැවැත්විණි .

දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ සම සභාපති මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බි.එස් අභයකෝන් මහතා මේ සදහා සූම් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ විය.

හදිසි ආපදා තත්වය මත ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා පැවැති නුවරඑළිය දිස්ත්‍රික් විශේෂ සම්බන්ධිකරණ කමිටුවේ දී ගත් තිරණ වල ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කිරීම මෙහිදී සිදු විය.

මාර්ග, සෞඛ්‍ය සේවා, අධ්‍යාපනය, ප්‍රවාහනය, විදුලිය ඇතුළු අංශ පිලිබදව අදාල ආයතන වල ප්‍රගතිය මෙහි දී ප්‍රධාන වශයෙන් සොයා බැලීම සිදු විය.

මෙම සම්බන්ධිකරණ කමිටු රැස්වීම සදහා අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වි. රාධා ක්‍රිෂ්ණා, පි.ජි. විජේරත්න, අනුෂ්කා තිලකරත්න. කේ. කලෙයිචෙල්වි යන මහත්ම මහත්මින්, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය ඇතුළු උසස් රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

1

2

3

4

5

6

7

8