Welcome to the official webpage of District Secretariat, Nuwara Eliya
District Secretariat, Nuwara Eliya.

District Secretary

GA MADAM

 

Mrs. R.A.D.T.N.Thennakoon

ආර්.ඒ.ඩී.ටී.එන්.තෙන්නකෝන් මහත්මිය

திருமதி. ஆர்.ஏ.டி.டி.என். தென்னகோன்

View more

දිට්වා ආපදාවෙන් හානි වූ වලපනේ රන්දෙණිගල ජලාශයේ ධීවර ජනතාවගේ දැල් ආම්පන්න සපයා ගැනිම වෙනුවෙන් මූල්‍ය ආධාර පිරිනැමීමේ වැඩසටහනක් වලපනේ ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටුවේ ගරු සභාපති, අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා කීර්ති බණ්ඩාරපුර ප්‍රජා ශාලාවේ දි පැවැත්විණි.

දිට්වා ආපදා හේතුවෙන් විපතට පත් මිරිදිය ධීවර ජනතාවට දැල් ආම්පන්න ලබාගැනීම වෙනුවෙන් රජය මගින් එක් ධීවරයකුට රුපියල් 75000/= ක උපරිමයකට යටත්ව ආධාර ලබාදිමේ වැඩසටහන යටතේ මෙම ආධාර ලබාදිම සිදුවු අතර මෙහිදී කීර්ති බණ්ඩාරපුර හා හිල්පැන් කදුර ධීවර සමිති දෙකට අයත් ධීවරයින් 22 දෙදෙනකු සදහා රු.1620000 ක මුදලක් පිරිනැමීමේ සිදු විය.

මෙම අවස්ථාවට වලපනේ ප්‍රාදේශිය සභාවේ සභාපති නලින් දේශප්‍රිය, දිස්ත්‍රික් ජල ජීවි නිලධාරි එම්.එන්. චන්ද්‍රතිලක, ජලජීවි ව්‍යාප්ති නිලධාරි මලිත් ජයසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටිහ.

1

2

3