Welcome to the official webpage of District Secretariat, Nuwara Eliya
District Secretariat, Nuwara Eliya.

District Secretary

GA MADAM

 

Mrs. R.A.D.T.N.Thennakoon

ආර්.ඒ.ඩී.ටී.එන්.තෙන්නකෝන් මහත්මිය

திருமதி. ஆர்.ஏ.டி.டி.என். தென்னகோன்

View more

දිට්වා ආපදා තත්ත්වයෙන් නිවාස අහිමි වූ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජනතාව නැවත පදිංචි කිරීමේ කටයුතු සහ ඊට අවශ්‍ය ඉඩම් නිදහස් කර ගැනීමේ ක්‍රියාවලියෙහි ප්‍රගතිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් වෙන් වෙන්ව විමසා බැලීමට ජනාධිපතිතුමා මෙහිදී පියවර ගත් අතර එහිදී මතුව ඇති ගැටලු නිරාකරණය කර ගැනීම ටත්, එම කටයුතු කඩිනමින් කරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබාදිම ට ද ජනාධිපතිතුමා මෙහිදී කටයුතු කලේය.

නිවාස අහිමිව කූඩාරම්වල ජීවත්වන වතු ජනතාව පවතින වැසි සමයත් සමඟ ගැටලු රැසකට මුහුණ දී සිටින බැවින් ඔවුන් නැවත පදිංචි කිරීම් සඳහා ප්‍රමුඛතාව ලබා දී කටයුතු කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ සඳහා අවශ්‍ය ඉඩම් වෙන් කිරීම කඩිනම් කරන ලෙසත්, එම ඉඩම්වල ස්ථීර නිවාස ඉදිකරන තුරු එම ස්ථානයේම තාවකාලික නිවසක් ඉදිකර දීමට පියවර ගන්නා ලෙසත් අදාළ අංශ වෙත උපදෙස් ලබා දෙන ලදි.
මෑතකාලීනව සිදු වූ විශාලතම ව්යසනය වන දිට්වා සුළි කුණාටුව හමුවේ විනාශ වූ ජන ජීවිතය සහ යටිතල පහසුකම් යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය ආරම්භයේදී ව්‍යාකූල තත්ත්වයක් වුවද නිසි සැලසුම් සහ රාජ්‍ය නිලධාරීන්ගේ කැපවීම හේතුවෙන් ඒ මතින් සාර්ථකව පියමං කරමින් මූලික අදියරේ වැඩකටයුතු සැලකිය යුතු ප්‍රමාණයක් අවසන් කිරීමට හැකි වූ බව පෙන්වා ජනාධිපතිතුමා ඒ පිළිබඳ සියලුදෙනා වෙත ස්තූතිය පළ කළ කලේය.
තව දුරටත් අදහස් දැක්වු ජනාධිපතිතුමා සදහන් කලේ මෙම ක්‍රියාවලියෙහි සැබෑ ප්‍රතිලාභ ජනතාවට හිමි කර දීමට නම් ජනතාව ආරක්ෂිත නිවසක පදිංචි කළ යුතු අතර මාර්ග පද්ධතිය ඇතුළු යටිතල පහසුකම්ද සංවර්ධනය විය යුතු බවත්, එම කටයුතුද ඉතා කෙටි කලකින් අවසන් කර රජයේ වැඩපිළිවෙළෙහි සැබෑ ප්‍රතිලාභ ජනතාවට හිමි කර දීමට එක්ව කටයුතු කිරීම ට සියලුදෙනාට ආරාධනා කරන බවත් පැවසීය
නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති මංජුල සුරවීරආරච්චි, නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සම සභාපති මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අභයකෝන්, පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.ජී. විජේරත්න, වී.එස්. රාධක්‍රිෂ්නන් යන මහත්වරු ඇතුළු පක්ෂ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, නගරාධිපති, ප්‍රාදේශීය සභා සභාපතිවරු ඇතුළු මහජන නියෝජිතයෝද, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ප්‍රභාත් චන්ද්‍රකීර්ති, ආරක්ෂක අමාත්‍යාශයේ ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ආර්.ඒ.ඩී.ටී.එන්. තෙන්නකෝන් යන මහත්ම මහත්මීහු සහ අමාත්‍යංශ ලේකම්වරු, අදාළ දෙපාර්තමේන්තු ප්‍රධානීහු, ආරක්ෂක අංශ නියෝජියෝ ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

1

2

3

4

5

6