විකසිත වන ළමා ලොවට- හිරු කිරණකි සොදුරු පවුල -2026 මුල්ළමාවිය සතිය වෙනුවෙන් පෙර පාසල් දූ දරුවන්ගේ සහභාගීත්වයෙන් විශේෂ වැඩසටහනක් පසුගිය දා වලපනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පරිශ්‍රයේදී පැවැත්විණි.
ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය මුල්ළමාවිය සංවර්ධන අංශය හා වලපනේ "ශක්ති" පෙරපාසල් ගුරු එකමුතුවේ මගින් මෙම වැඩසටහන ස සංවිධානය කර තිබුණි .
අනිකුත් පෙර පාසල් දරුවන් හදුනාගන්නට අවස්තාව සැලසීම තුලින් අන්තර්පුද්ගල සබදතා ඇති කිරීම, වෙනස් පරිසර පද්ධතියක් සමඟ අනුගත වීමට අවස්ථාව සැලසීම යනාදී කටයුතු මෙහිදී සිදු කෙරිණ.
එසේම පසුගිය මස යෙදුනු ජාත්‍යන්තර සෙල්ලම් දිනය සිහි කරමින් විවිධ සෙල්ලම් සහිත සෙල්ලම් ගෙයක්ද මේ සමඟ ක්‍රියාත්මක කර තිබුණි.























