නුවරඑළිය දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් ඇතුළු අත්‍යවශ්‍ය සේවා සපයන ආයතනවල සෙසු පිරිස් සඳහා කොවිඩ් එන්නත්කරණ වැඩසටහන අද (09) පෙරවරුවේ දී නුවරඑළිය දිසාපති/දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය ගාමිණි ජාතික පාසලේ දී ආරම්භ කෙරිණි.
දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා මෙහි දී සඳහන් කළේ සයිනොෆාම් එන්නත් 50000 ක් මුල් අදියරේ දි දිස්ත්‍රික් එන්නත්කරණ වැඩසටහනට ලබා දී ඇති බවයි. ඉන්, එන්නත්කරණ වැඩපිළිවෙල ග්‍රාම නිලධාරි වසම් මට්ටමින් ක්‍රියාවට නැන්වීම සඳහා සක්‍රියව දායකත්වය දක්වන ග්‍රාම නිලධාරින් ඇතුළු ක්ෂේත්‍ර නිලධාරින්, අත්‍යාවශ්‍ය සේවා සපයන ආයතනවල නිලධාරින් සහ පොලිස් නිලධාරින් හට මුල් අධියර යටතේ එන්නත් ලබාදීමට සැළසුම් කර ඇති බවය.
දිස්ත්‍රික් ලේකම්වරයා තවදුරටත් සඳහන් කලේ අද දිනය තුල නුවරඑළිය ප්‍රදේශිය ලේකම් කොට්ඨාශයේ නිලධාරින් 3000 කට එන්නත් ලබාදීම සිදුකරණ බවත් හෙට දිනයේ වලපනේ, අඹගමු, කොත්මලේ සහ හගුරන්කෙත ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශවල අත්‍යාවශ්‍ය සේවාවල නිරත නිලධාරින්ට එන්නත ලාබා දිමෙන් අනතුරු අනිද්දා එනම් ලබන 11 වන දින සිට තෝරාගත් ග්‍රාම නිලධාරි වසම්වල වයස අවුරුදු 60 වැඩි පිරිස්වෙත ලබාදිමට නියමිත බවය.






























