වලපනේ ප්රාදේශීය ලේකම් සමුළුව නුවරඑළිය දිස්ත්රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්රධානත්වයෙන් අද (03 ) දින නිල්දණ්ඩාහින්න ප්රදේශයේ පිහිටි වලපනේ ප්ාදේශිය ලේකම් කාර්යාලයෙ දි සාර්තකව පවත්වන ලදි.
නුවරඑළිය දිස්ත්රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ මගපෙන්වීම යටතේ දිස්ත්රික්කයේ සෑම ාරදේශීය ලේකම් කොට්ඨාශයකම ප්රාදේශීය ලේකම් සමුළුව පැවැත්වීමට සැළසුම් කළ අතර එහි ප්රථම සමුළුව වලපනේ ප්රාදේශීය ලේකම් කාර්යාලයෙදි පැවැත්වීම විශේෂිතය.
නුවරඑළිය දිස්ත්රික් ලේකම් කාර්යාලයේ මාණ්ඩලික නිලධාරින් සහ ාරදේශිය ලේකම්වරැ මෙම සමුළුවට සහභාගි වු අතර වලපනේ ප්රාදේශීය ලේකම් කාර්යාලයේ ආයතන පරික්ෂාවට ලක් කිරීම ද මෙහිදි සිදු විය.
මෙයට සමගාමිව වලපනේ ප්රාදේශීය ලේකම් කොට්ඨාශයේ ග්රාම නිලධාරින්, සංවර්ධන නිලධාරින් සහ සමෘද්ධි සංවර්ධන නිලධාරින්ගේ හමුවක් ද දිස්ත්රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්විණි.














