අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුකූලව ක්‍රියාත්මක වන සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන ව්‍යාපෘතිය යටතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ගල්කඩපතන ග්‍රාම සේවා වසමේ ව්‍යාපෘති නීරීක්ෂණය කිරීමේ චාරිකාවක් සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
වන ජිවි සහ වන සම්පත් අමාත්‍ය සීබී රත්නායක මහතාගේ ආරාධනය පරිදි පැමිණි රාජ්‍ය අමාත්‍යතුමන් ඇතුළු පිරිස සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කර ඇති ඇන්තූරියන් වගාව, කෝපි නිෂ්පාදන ,පේශ කර්ම , කුකුල් පාලන ,බිම්මල් නිෂ්පාදන යන ව්‍යාපෘතීන් නිරීක්ෂණයට ලක්කලේය.
මෙම නිරීක්ෂණ චාරිකාවට රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් නීල් හපුහින්න , නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ, රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සී.ඩී කළුආරච්චි, නුවරඑළිය දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂතුමා තුමා, වලපනේ ප්‍රාදේශීය ලේකම්තුමා, ඇතුලු ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයින් , රාජ්‍ය නිලධාරීන් ඇතුලු ප්‍රදේශවාසීන් රැසක් සහභාගී වුහ.





















