செய்தி மற்றும் நிகழ்வுகள்

නුවරඑළිය දිස්ත්‍රික් සාහිත්‍ය උත්සවයට සමගාමීව දිස්ත්‍රික් සංස්කෘතික අංශය මගින් සංවිධානය කල "සීතල නුවරඑළියට පොතක උණුසුම" පොත් ප්‍රදර්ශනය නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
මෙම පොත් ප්‍රදර්ශනය ඔක්තෝම්බර් මස 02,04,05,06,07 දින වලදී දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය චෝගම් ශාලාවේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
මෙම අවස්ථාවට නුවරඑළිය අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) එස්.පී.කේ. බෝධිමන්න මහත්මිය. අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) එස්.බී උඩෝවිට මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

 

309499191 413260234303972 4656844098151978073 n

310011796 413260254303970 3091272964068020852 n

310118282 413260370970625 353469661996288684 n

310282890 413260327637296 5998408885110565061 n