செய்தி மற்றும் நிகழ்வுகள்

ශ්‍රි ලංකා ගුවන් විදුලි මගින් ගෙන එන සත්‍යේක්ෂණය ගුවන් විදුලි වැඩසටහනේ තවත් එක් වැඩසටහනක
සජීවි පටිගත කිරීම අද (23) දින කොත්මලේ නියන්ගන්දොර ගම්මානයේ දි පැවැත්වීය.
නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහනෙදි ආහාර සුරක්ෂිතතාව මාතෘකාව යටතේ සාකච්ඡා කිරිම සිදුවු අතර ප්‍රදේශවාසීන් විසින් ඉදිරිපත් කළ කෘෂිකර්මික හා පෝෂණ ගැටළු ඇතුළු ගැටළු සඳහා පිළියම් යෙදීම සම්බන්ධව ද මෙහි දී සාකච්ඡා විය.
කොත්මලේ නියම්ගම්දොර විශ්‍රාමික ග්‍රාම නිලධාරී අගල වත්ත මහතාගේ ගෙවත්ත ආශ්‍රිතව පැවති මෙම වැඩසටහන සඳහා කොත්මලේ ප්‍රාදේශීය ලේකම් නදිර ලක්මාල් මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

347240884 730328942219175 1883007673824360970 n347241686 1690184858080871 6184712969401447386 n347386071 168402085929526 1810533997423782008 n347562266 814085723729937 7331963500185975078 n347593385 754538233130529 6800988483989164281 n347401010 799235155034742 2811614979232466083 n