නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව අද 13 දින එහි සම සභාපතිවරුන් වන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක, සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ආශ්චර්ය ශාලාවේදී පැවැත්විණි. රාජ්‍ය ආයතන මඟින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කරනු ලබන සංවර්ධන වැඩසටහන් වල ප්‍රගතිය සොයා බැලීම මෙහිදී සිදු විය.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වී. රාධක්‍රිෂ්ණන්, මරදපාඩි රාමේෂ්වරන් යන මහජන නියෝජිතයින්, දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගි වූහ.
දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය,
නුවරඑළිය.





















