செய்தி மற்றும் நிகழ்வுகள்

නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නව සහකාර දිස්ත්‍රික් ලේකම් වරයා ලෙස සමිර ගම්ලත් මහතා අද (16) දින රාජකාරි ආරම්භ කිරිම සිදු විය.

මිට පෙර රඹුක්කන සහකාර ප්‍රාදේශීය ලේකම්වරයා ලෙස කටයුතු කර ඇති සමිර ගම්ලත් මහතා 2015 වසරේ දි ශ්‍රි ලංකා පරිපාලන සේවය ට එක්ව ස්‍වදේශ කටයුතු අමාත්‍යාංශයේ සහකාර ලේකම්වරයකු ලෙස කටයුතු කර තිබේ.

නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දි පැවැති මෙම වැඩ ආරම්භ කිරිමේ අවස්තාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් සුජිවා බෝධිමාන්න මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටිහ.

දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය.
නුවරඑළිය

 

393126681 1060440761621322 4625695227840080344 n393227685 1060440881621310 352026485324169024 n393277744 1060440504954681 3192436435083357008 n393352895 1060440611621337 2326334839210361978 n