නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නව සහකාර දිස්ත්‍රික් ලේකම් වරයා ලෙස සමිර ගම්ලත් මහතා අද (16) දින රාජකාරි ආරම්භ කිරිම සිදු විය.
මිට පෙර රඹුක්කන සහකාර ප්‍රාදේශීය ලේකම්වරයා ලෙස කටයුතු කර ඇති සමිර ගම්ලත් මහතා 2015 වසරේ දි ශ්‍රි ලංකා පරිපාලන සේවය ට එක්ව ස්‍වදේශ කටයුතු අමාත්‍යාංශයේ සහකාර ලේකම්වරයකු ලෙස කටයුතු කර තිබේ.
නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දි පැවැති මෙම වැඩ ආරම්භ කිරිමේ අවස්තාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් සුජිවා බෝධිමාන්න මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටිහ.
දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය.
නුවරඑළිය










