செய்தி மற்றும் நிகழ்வுகள்

නුවරඑළිය දිස්ත්‍රික්කයේ පළාත් පාළන ආයතන 12 ක් වෙනුවෙන් පක්ෂ සහ ස්වාධින කණ්ඩායම් 87 සුදුසුකම් ලබයි.
==================
පළාත් පාළන ජන්ද විමසීම - 2025 වෙනුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ පළාත් පාළන ආයතන 12 ක් සදහා පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධින කණ්ඩායම් විසින් ඉදිරිපත්කල නාම යෝජනා 110 න් නාම යෝජනා 87 ක් සුදුසුකම් ලැබු බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී, දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය පැවසීය.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ පළාත් පාළන ආයතන 12 සදහා පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධින කණ්ඩායම් 121 ක් මැතිවරණය සදහා ඇප තැන්පත් කර තිබේ.
ඉන් දේශපාලන පක්ෂ විසින් නාම යෝජනා 97 ක් සහ ස්වාධින කණ්ඩායම් මගින් නාම යෝජනා 13 ක් ඉදිරිපත් කර තිබු තිබුනි.
ඉන් දේශපාලන පක්ෂ ඉදිරිපත් කල නාම යෝජනා 18 ක් ප්‍රතික්ෂේප වු අතර ස්වාධින කණ්ඩායම් මගින් ලබාදුන් නාම යෝජනා 05 ක් ප්‍රතික්ෂේප වි තිබේ.
 
480982031 990426826612888 5356382664495864735 n