செய்தி மற்றும் நிகழ்வுகள்

නුවරඑළිය නව සහකාර දිස්ත්‍රික් ලේකම් (වැඩබලන) ලෙස පත්වූ ලහිරු කලුකම්පිටිය මහතා සිය ධුරයේ රාජකාරි වැඩ ආරම්භ කිරීම 2023.03.29 දින නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී සිදුවිය.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් විද්‍යා උපාධිය ලබා ඇති එතුමා ශ්‍රීලංකා පරිපාලන සේවයේ දෙවන ශ්‍රේණියේ නිලධාරියෙකි. මිට පෙර වැලිමඩ සහ ඌව පරණගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සහකාර ප්‍රාදේශීය ලේකම් තනතුර හෙබවූ කළුගම්පිටිය මහතා දැනට නුවරඑළිය සහකාර මැතිවරණ කොමසාරිස් වරයා ලෙසද කටයුතු කරයි.
මෙම රාජකාරි වැඩ ආරම්භ කිරීමේ අවස්ථාවට නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා ඇතුළු පිරිසක් සහභාගී වුහ.

338423981 548976427224823 4440264882716538539 n

339114682 562348105998420 4555197830217394153 n