செய்தி மற்றும் நிகழ்வுகள்

ගම සමඟ පිළිසඳර ජාතික වැඩසටහනට සමගාමීව 2022 අයවැය යෝජනා මඟින් ක්රියාත්මක කෙරෙන වැඩ ලක්ෂයක් - ග්රාමීය සංවර්ධන වැඩසටහනේ නුවරඑළිය දිස්ත්රික් සංවර්ධන වැඩසටහන ප්රාදේශීය ලේකම් කොට්ඨාස 05 තුල, ග්රාම නිළධාරී වසම් 491 හි ම අද පෙරවරු 8.52 යෙදුණු සුභ මොහොතින් ආරම්භ විය.
වන ජිවි සහ වන සංරක්ෂණ අමාත්ය සි.බි. රත්නායක මහතා සහ නුවරඑළිය දිස්ත්රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්රධානත්වයෙන් වලපනේ ප්රාදේශිය ලේකම් කොට්ඨාශයේ උඩවල ග්රාම සේවා වසමේදි නුවරඑළිය දිස්ත්රික් ප්රධාන උත්සවය පැවැත්විනි.
වලපනේ ප්රාදේශිය ලේකම් ආර්.ඒ. වි‌ජේසිංහ මහතාගේ මග‌ෙපන්වීම මත මෙම උත්සවය සංවිධාන‌ය කර තිබු අතර එහි දි නිල සෙවන කාර්යාලයක් ඉදිකිරීම සඳහා මුල් ගල් තැබිම සිදු විය. එසේම මිරිදිය මත්ස්ය ව්යාපෘතියක්, කෙසෙල් වගා ව්යාපෘතියක්, කුකුළු පාලන ව්යාපෘතියක්, කළු බුලත් වගා ව්යාපෘතියක්, සහ වාරි ඇලක පැති බැම්මක් ඉදිකිරීම ඇතුළු සංවර්ධන කටයුතු ආරම්භ කිරීම සිදුවිය.
නුවරඑළිය දිස්ත්රික්කය පුරා සංවර්ධන ව්යාපෘති 2455 ක් සඳහා පළමු කාුව වෙනුවෙන් රුපියල් 549,318,000 .00 ක ප්රතිපාදන ලැබී ඇති අතර මෙහිදී යටිතල පහසුකම් සංවර්ධන, ජීවනෝපාය සංවර්ධන, සමාජ සුභසාධන සහ පරිසර හා තිරසර සංවර්ධනය යන අංශයන් යටතේ දිස්ත්රික්කය තුළ විවිධ සංවර්ධන ව්යාපෘති ක්රියාත්මක කිරීමට සැළසුම් කොට තිබේ.
දිස්ත්රික්කයේ අනෙකුත් ප්රදේශිය ලේකම් කොට්ඨාශ වල පැවැති උත්සව සඳහා දිස්ත්රික්කය නියෝජනය කරන අමාත්යවරුන්, පාර්ලිමේන්තු මන්ත්රීවරුන්, පලාත් සභාවේ හිටපු මන්ත්රීවරුන්, ප්රාදේශීය සභා මන්ත්රීවරුන්, රාජ්ය නිළධාරීන් සහ මහජනතාව එක්ව සිටිහ.
 
272160536 242888408007823 168979001492107140 n 272167241 242888578007806 1886171366442965650 n 272232439 242888321341165 1458700812779258440 n
272266079 242888268007837 8067042871770607946 n 272320292 242888018007862 5534721442094006128 n 272326683 242887611341236 1862740737162303187 n
272431296 242888201341177 7356921182720918132 n 272447337 242888451341152 3636758790034800138 n 272603610 242888858007778 7867772026625476200 n
272620023 242888904674440 1445921588454116384 n 272623924 242888624674468 3284146689829617453 n 272631033 242888714674459 2657708042121317544 n
272656448 242888438007820 5315300476074886020 n 272672362 242887961341201 6170327904377976919 n 272681318 242888831341114 5811523136194337674 n
272684765 242888748007789 3559937834258464187 n 272778893 242889004674430 5835653597654780276 n 272789833 242887978007866 8229110527596826330 n
272808429 242888088007855 2295339345513531642 n 272860044 242889028007761 8410865646411702404 n 272865748 242888781341119 4108127795396370268 n
272878657 242887898007874 3756591201745567063 n 272882391 242888371341160 8231061219409192717 n 272898914 242888284674502 8420250937162190204 n
272899717 242889174674413 1334746058567841222 n 272951121 242889148007749 912531100661293621 n 272988137 242887741341223 7506530812635624124 n
273037961 242887768007887 7614340187658837971 n 273043620 242888594674471 635204724339639192 n 273182166 242888508007813 2235814645187917401 n
273210883 242887691341228 6479027524598246473 n 273278469 242888231341174 7534232210616470444 n