ශ්‍රි ලංකාවේ ආපදා අවම කිරීමේ වයාපෘතිය සඳහා අපේක්ෂිත ක්‍රියා මාර්ග වැඩසටහනේ නුවරඑළිය දිස්ත්‍රික් වැඩසටහන ආරම්භ කිරීම නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17) දින නුවරඑළියේ දි සිදුවිය.
වල්ඩ් විෂන් ආයතනය මගින් ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන නුවරඑළිය දිස්ත්‍රික්කයේ නුවරඑළිය, වලපනේ සහ අඹගමුව කෝරළය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කේන්ද්‍රය කරගනිමින් සිදු කිරිමට සැලසුම් කර තිබේ.
අදල වැඩසටහන හදුන්වා දීම නුවරඑළිය සංචාරක හෝටලයක පැවැති අතර එහිදි මෙම වසර තුල නුවරඑළිය දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කල ආපදා අවම කිරීම සහ සහන සැලසීම, ආහාර සුරක්ෂිතතාව ඇතිකිරීම, ලමා මන්ද පෝෂණය දුරුකරීම ඇතුළු කටයුතු සදහා ක්‍රියාත්මක කල වැඩසටහන්වල ප්‍රගතිය සමාලෝචනය කිරීමද සිදුවිය.
ඊට අමතරව දිස්ත්‍රික්කයතුල ඉදිරි වසරේ ක්‍රියාත්මක කිරීම ට සැලසුම්කර ඇති වැඩසටහන් පිළිබඳව ද සාකච්ඡා කිරීම සිදු විය.
මෙම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් ( පාලන) සුජීවා බෝධිමාන්න මහත්මිය, අදාල කොට්ඨාසවල ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.


















