නුවරඑළිය දිස්ත්‍රික්කයේ නෝර්වුඩ් නව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විවෘත කිරිම අද (29) අමාත්‍ය ජිවන් තොන්ඩමන් මහතගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
නව සිමා නිර්ණය ට අනුව අඹගමුව කෝරළය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසට අයත්ව තිබු ග්‍රාම සේවා වසම් 67 න් වසම් 30 ක් වෙන්කර නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සකසා තිබේ.
මෙම අවස්තාවට පාර්ලිමේන්තු මන්ත්‍රී මරදපාඩි රාමේෂ්වරන් මහතා, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා ඇතුළු විශාල පිරිසක් එක්ව සිටිහ.


























