නුවරඑළිය දිස්ත්‍රික්කයේ අත්‍යාවශ්‍ය සේවා පවත්වාගන යාම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙදි පැවැත්විණි.
වර්තමානයේ රට තුල උද්ගතව ඇති තත්වය හේතුවෙන් දිස්ත්‍රික්කය තුල අත්‍යාවශ්‍ය සේවා නිසි පරිදි පවත්වගන යාමේදි ක්‍රියාකළ යුතු ආකාරය පිළිබඳව මෙහිදි මෙහිදි දිර්ගව සාකච්ඡා කල අතර දිස්ත්‍රික්කයේ ආරක්ෂක තත්වය පිළිබඳවද මෙහිදි සාකච්ඡාවට බදුන් විය.
දිස්ත්‍රික්කයේ පොලිස් සහ ආරක්ෂක අංශ උසස් නිලධාරින්, සෞඛ්‍ය අංශය, කෘෂිකර්ම අංශය ඇතුළු අත්යවශ සේවාවල උසස් නිලධාරින් පිරිසක් මෙම අවස්ථාවට එක්වුහ










