ශ්‍රී පාද වන්දනා වාරය ආරම්භ කිරිමත් සමග ශ්‍රි පාද උඩ මළුවේ තැන්පත් කර සධාතුක කරඩුව, සමන් දේව ප්‍රතිමාව සහ දේව ආභරණ ශ්‍රි පාද උඩ මළුවේ සිට පැල්මඩුල්ල ගල්පොත්තාවෙල රජමහා විහාරස්ථානය දක්වා වැඩමකරවීම වෙනුවෙන් නල්ලතන්නිය බෞද්ධ මධ්‍යස්ථානයේ පැවැති පෙරහැර ආරම්භක උත්සවය ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති, පැල්මඩුල්ල රජ මහා විහාරස්ථානයේ විහාරාධිපති පුජ්‍ය බෙන්ගමුවේ ධම්මදින්න හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා පැවැත්විණි
යුධ හමුදා භට පිරිස් විසින් පෙරහැරවල් චාරිත්‍රානුකුලව වැඩම කරවු අතර නල්ලතන්නිය බෞද්ධ මධ්‍යස්ථානය දක්වා වැඩම කරවු පෙරහැර නල්ලතන්නියේ බෞද්ධ මධ්‍යස්ථානයේ සිට නල්ලතන්නිය බගවන්තලාව බලංගොඩ හරහා සහ නල්ලතන්නිය ලක්ෂපාන අවිස්සාවේල්ල රත්නපුර හරහා පෙරහැරවල් දෙකක් මගින් පැල්මඩුල්ල ගල්පොත්තාවෙල රජමහා විහාරස්ථානය දක්වා වැඩම කරවනු ලැබුහ.
මෙම අවස්ථාවට නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ, රත්නපුර දිස්ත්‍රික් ලේකම් මලනි ලොකුපොතාගම යන මහත්ම මහත්මින් ඇතුළු විශාල පිරිසක් ඒක්ව සිටිහ.


























