මිනිස්බල හා රැකිරක්ෂා දෙපාර්තමේන්තුව සහ නුවරඑළිය දිස්ත්‍රික් රැකියා කේන්ද්‍රය මගින් සංවිධානය කල උසස් අධ්‍යාපන හා වෘත්තීය මාර්ගෝපදේශ ප්‍රදර්ශනය පසුගියදා හගුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විණ.
නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතාගේ පුර්ණ මගපෙන්වීම යටතේ හගුරන්කෙත ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පාසල් දරු දැරියන් හා පාසල් හැරගිය පිරිස ඉලක්ක කර ගනිමින් මෙම වැඩසටහන පැවැත්විණ.
මෙම අවස්ථාවට හගුරන්කෙත ප්‍රාදේශීය ලේකම් අයි.එම් සේනානායක මහතා ඇතුළු පිරිසක් සහභාගී වුහ.













