නුවරඑළිය දිස්ත්‍රික් සාහිත්‍ය උත්සවයට සමගාමීව දිස්ත්‍රික් සංස්කෘතික අංශය මගින් සංවිධානය කල "සීතල නුවරඑළියට පොතක උණුසුම" පොත් ප්‍රදර්ශනය නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
මෙම පොත් ප්‍රදර්ශනය ඔක්තෝම්බර් මස 02,04,05,06,07 දින වලදී දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය චෝගම් ශාලාවේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
මෙම අවස්ථාවට නුවරඑළිය අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) එස්.පී.කේ. බෝධිමන්න මහත්මිය. අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) එස්.බී උඩෝවිට මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.










