2023 පලාත් පාලන මැතිවරණය සඳහා නුවරඑළිය දිස්ත්රික්කයට අදාලව ඇප මුදල්
තැම්පත් කිරීම සදහා (14) දිනය වන විට පිලිගත් දේශපාලන පක්ෂ 06 ක් සහ ස්වාධීන කණ්ඩායම් 02 කටයුතු කර ඇති බව නුවරඑළිය සහකාර මැතිවරණ කොමසාරිස් කේ.එ.එල්.එස්. කලුගම්පිටිය මහතා පැවැසීය.
එක්සත් ජාතික නිදහස් පෙරමුණ, ශ්රි ලංකා පොදු ජන පෙරමුණ සහ ජාතික ජන බලවේගය නුවරඑළිය දිස්ත්රික්කයට අයත් පළාත් පාලන ආයතන 12 සදහම ඇප මුදල් තැම්පත් කර තිබේ.
සමාජවාදි සමානතා පක්ෂය මස්කෙළිය ප්රදේශිය සභාවටත්, නව ප්රජාතන්ත්රවාදි පෙරමුණ අඹගමුව ප්රාදේශීය සභාවත් ඇප මුදල් තැම්පත් කර ඇති අතර එක්සත් ජාතික පක්ෂය හැටන් දික්ඔය නගර සභාව, මස්කෙළිය, වලපනේ, අඹගමුව, නෝවුඩ් සහ හඟුරන්කෙත ප්රාදේශීය සභාව සදහා ඇප මුදල් තැම්පත් කර තිබේ.
ඇප මුදල් තැම්පත් කල ස්වාධීන කණ්ඩායම් 02 ම කොටගල ප්රාදේශීය සභාව ට පමණක් ඇප මුදල් තැම්පත් කර තිබිම විශේෂිතයි.







