ප්‍රතිසංස්කරණ කල තලවාකැලේ සෞඛ්‍ය මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා ඇතුළු ආරාධිතයින්ගේ ප්‍රධානත්වයෙන් පසු ගිය (10) දා විවෘත කෙරිනි.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෙන් ක්ලෙයාර් සහ ග්‍රේට් වෙස්ටන් වතුයායේ මව්වරුන්ගේ සහ දරුවන්ගේ ප්‍රයෝජනය සඳහා ප්‍රතිසංස්කරණය කරන ලද මාතෘ හා ළමා සෞඛ්‍ය මධ්‍යස්ථානය සඳහා වැයකල මුදල රුපියල් මිලියන 10 ක්.
UN habitat ආයතනය මගින් ක්‍රියාත්මක කල මෙම වැඩසටහන සඳහා කොයිකා (KOICA) ආයතනය මගින් ආධාර සපයා ඇත.
නුවරඑළිය ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂතුමන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.










