නුවරඑළිය දිස්ත්‍රික් ඉඩම් පරිහරණ හා සැලසුම් අංශයේ නව සහකාර අධ්‍යක්ෂක තනතුරට පත්වීම් ලැබූ චන්දිමා හේරත් මහත්මිය සිය තනතුරේ වැඩ රාජකාරී ආරම්භ කිරීම පසුගියදා සිදු කෙරිණ.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා උපාධිධාරිණියක වන ඇය මීට පෙර ඉඩම් පරිහරණ සැලසුම් නිලධාරී තනතුරේ වැඩකටයුතු කළාය.
මෙම රාජකාරී ආරම්භ කිරීමේ අවස්ථාවට නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා, අතිරේක දිස්ත්‍රික් ලේකම්( පාලන) එස්.පී.කේ බෝධිමාන්න මහත්මිය, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) දිනිකා කවිසේකර මහත්මිය, සහකාර දිස්ත්‍රික් ලේකම් සමීර ගම්ලත් මහතා, මාණ්ඩලික නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
නුවරඑළිය දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය















