ජාතික ආපදා සහනසේවා මධ්‍යස්ථානය මඟින් පවත්වාගෙන යනු ලබන ආපදා අවිනිශ්චිතතා සැලැස්ම යාවත්කාලින කිරීම සම්බන්ධ පුහුණු වැඩසටහනක් 2023.11.29 වන දින නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය පරිගණක පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්විණ.
ලෝක ආහාර වැඩසටහනේ ප්‍රතිපාදන මත නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල යටතේ පවතින ප්‍රාදේශිය ලේකම් කාර්යාලයන්ට අනුයුක්තව සේවය කරනු ලබන ආපදා සහනසේවා නිලධාරින් වෙනුවෙන් මෙම පුහුණු වැඩසටහන සංවිධානය කර තිබිණ.
ආපදා සහනසේවා කටයුතු වලදී පෙර සූදානම් වීම සහ ප්‍රතිචාර දැක්වීම සඳහා ජාතික ආපදා සහනසේවා මධ්‍යස්ථානය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස මට්ටමින් ආපදා අවිනිශ්චිතතා සැලැස්ම තොරතුරු පද්ධතිය ක්‍රියාවට නංවයි. එහිදී සහනසේවා නිලධාරින්ගේ රාජකාරි කටයුතු විධිමත්ව හා කාර්යක්ෂමව ඉටුකර ගැනීමේ හැකියාව පවති. මෙම වැඩමුළුවේදී ආපදා අවිනිශ්චිතතා සැලැස්මට තොරතුරු ඇතුළත් කිරීම සහ යාවත්කාලින කිරීම සම්බන්ධයෙන් නිලධාරින්ට අවශ්‍ය දැනුම සහ පුහුණුව ලබාදෙන ලදී.
මෙහි සම්පත්දායකයින් ලෙස ජාතික ආපදා සහනසේවා මධ්‍යස්ථානයේ සංවර්ධන නිලධාරි රංජිත් වීරසිංහ, සංවර්ධන නිලධාරි ධනුෂ්ක මුතුකුඩ, තොරතුරු තාක්ෂණ නිලධාරි තරිඳු ඉෂාන්ත යන මහත්වරුන් සහභාගී වූ අතර මෙම වැඩසටහනේ සම්බන්ධීකරණ කටයුතු සිදුකලේ නුවරඑළිය දිස්ත්‍රික් ආපදා සහනසේවා නිලධාරි එම්. රුවන්දිකා සහ එල්. නිරංජලා යන මහත්මීන්ය.
මෙම වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට නුවරඑළිය සහකාර දිස්ත්‍රික් ලේකම් සමීර ගම්ලත් මහතා, ජාතික ආපදා සහනසේවා මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්යක්ෂ (ක්‍රමසම්පාදන) ඩබ්.එස්.යූ ප්‍රභාත් මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.
නුවරඑළිය දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය














