පුවත් සහ සිදුවීම්

2023/2024 ශ්‍රී පාද වන්දනා වාරය උඳුවප් පුර පසළොස්වක පෝය යෙදී තිබූ අද දින විශාල බැතිමතුන් පිරිසකගේ සහභාගිත්වයෙන් ආරම්භ විය.


ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙන්ගමුවේ ධම්මදින්න හිමියන්ගේ අනුශාසකත්වයෙන් පැල්මඩුල්ල, ගල්පොත්තාවල රජමහා විහාරයේ තැන්පත්කල සධාතුක කරඬුව, සුමන සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ ශ්‍රී පාද මළුවට වැඩම කරවීමේ පෙරහැර ඊයේ අලුයම සුබ මොහොතින් මාර්ග 4 ක් ඔස්සේ ගමන් ආරම්භ කිරීම සිදුවිය.


හැටන් නල්ලතන්නිය ඔස්සේ පැමිණි ප්‍රධාන පෙරහැර ගිනිගත්හේන, යටිබේරිය පිහිටි නුවරඑළිය දිස්ත්‍රික් සීමාවේදී නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මාහතාගේ ප්‍රධානත්වයෙන් පිළිගැනීම සිදුවිය.
තවත් පෙරහැරක් බලංගොඩ, බගවන්තලාව හරහාත් ශ්‍රී පාද මළුවට ළඟා විය.


මීට අමතරව, රත්නපුර, පලාබද්දල හරහාත් අනෙක් පෙරහැර කුරුවිට, එරත්න හරහාත් ශ්‍රී පාද මළුවට ළඟා වී තිබේ..


අද අලුයම යෙදුන සුබ මොහොතින් ශ්‍රී පාද පද්මය දෝවනය කිරීමෙන් පසුව සධාතුක කරඬුව, සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ තැන්පත් කිරීමේන් 2023/ 2024 ශ්‍රී පාද වන්දනා වාරය ආරම්භ විය. එය 2024 වර්ෂයේ වෙසක් පුන් පොහෝ දිනය දක්වා පැවැත්වේ.


දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය.
නුවරඑළිය.

 

413978192 679664790996847 18745835091793444 n414048514 679664934330166 8029594288319909378 n414082803 679664930996833 8381870159473644996 n414083451 679665064330153 7663642787527073613 n