ක්ෂුද්‍ර , කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ට අවශයම සේවාවන් එකම තැනකින් ලබාදීම අරමුණු කර ගනිමින් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ යුරෝපා සංගමයේ ආධාර මත ක්‍රියාත්මක වූ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ පිහිටා ඇති “ව්‍යාපාර සේවා පියස ( BSC ) කර්මාන්ත අමාත්‍යංශය යටතට පවරා ඇත.
මෙම ව්‍යාපාර සේවා මධ්‍යස්ථානයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් කර්මාන්ත අමාතංශයේ ලේකම් ශාන්ත වීරසිංහ මහතාගේ සහ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් 2024 අගෝස්තු මස 16 වන දින නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණ.
මෙම ව්‍යාපාර සේවා මධ්‍යස්ථානය මගින් මේ වනවිට ව්‍යවසායකයින් විශාල ප්‍රමාණයකට අවශ්‍ය පහසුකම් සලසා ඇති අතර මෙම ආයතනය කර්මාන්ත අමාත්‍යංශයට අනුබද්ධව දිස්ත්‍රික් විදාතා නිලධාරී සහ ව්‍යවසාය සංවර්ධන නිලධාරීන් යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතය.
*ව්‍යාපාර ONLINE ලියාපදිංචිය.
*ව්‍යාපාර උපදේශනය.
*ව්‍යාපාර සේවා සැපයුම් ආයතන සම්බන්ධීකරණය.
*ව්‍යවසායකයින්ට සුදුසු පරිසරය සැකසීම .
වැනි සේවා මෙමගින් ජනතාව ලබාගත හැකිය.
මෙම සාකච්ඡාවට නුවරඑළිය අතිරේක දිස්ත්‍රික් ලේකම් දිනිකා කවිසේකර මහත්මිය, කර්මාන්ත අමාත්‍යංශයේ නිලධාරීන් ,නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වුහ.
නුවරඑළිය දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය.









