පුවත් සහ සිදුවීම්

එලඹෙන නත්තල් සමයේදී දෙස් විදෙස් සංචාරකයින් වෙනුවෙන් නුවරඑළියේ දි විශේෂ සැණකෙළියක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.
සංචාරක ආකර්ෂණීය නත්තල් සමයක් බවට නුවරඑළිය නගරය පත් කිරීම අරමුණු කර ගනිමින්, නුවරඑළිය වාණිජ මණ්‌ඩලයේ මගින් නුවරඑළිය දිස්ත්‍රික්
ලේකම් කාර්යාලය, නුවරඑළිය මහ නගර සභාව සහ නුවරඑළිය ඒකාබද්ධ වෙළෙඳ සංවිධානය හා එක්ව මෙම සැණකෙළිය සංවිධානය කිරීම ට නියමිතය.
මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පසුගිය දා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පවත්වනු ලැබීය.
එහිදී තව දුරටත් අනාවරණය වුයේ සංචාරකයින්ට අවශ්‍ය දේශීය ආහාර පාන, අත්කම් භාණ්ඩ ප්‍රදර්ශන අලෙවි කුටි ඇතුළු විනෝදාත්මක ඉසව් මෙම සැණකෙළිය ට අන්තර්ගත වන බවය.
මෙම අවස්ථාව ට නුවරඑළිය මහ නගර සභාවේ නගරාධිපති උපාලි වනිගසේකර, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන්, නුවරඑළිය දිසාභාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියංකර ද සිල්ව, නුවරඑළිය වාණිජ මණ්‌ඩලයේ සභාපති ඩග්ලස් නානායක්කාර යන මහත්ම මහත්මින් ඇතුළු පිරිසක් එක්ව සිටිහ.
1
2
3
4
5