කතරගම සිට නුවරඑළිය හරහා කුරුණෑගල දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් කොත්මලේ ගැරඬිඇල්ල ප්රදේශයේ සිදු වූ මාරක අනතුරට වසරක් ගත වීම නිමිත්තෙන් මියගිය අයට සහ තුවාල ලබා සිටින අයට සෙත්පතා අනතුරු සිදු වු ස්ථානයේ අද (11) සෙත්පතා සර්ව ආගමික වතාවන් සහිත පිංකමක් පවත්වා තිබේ.
කොත්මලේ පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ඇතුළු පොලිස් නිළධාරීන් සහ කොත්මලේ ප්රදේශවාසීන් එක්ව මෙම පිංකම සංවිධානය කර තිබුණි.
කොත්මලේ ප්රදේශයේ මහා සංඝරත්නය සහ අන්යආගමික් නායකයින්ද එම ස්ථානයට කැඳවා ආගමානුකූලව පින්අනුමෝදන් කර අනතුරින් මියගිය සියලු දෙනාට පැන් වැඩීමක්ද සිදු කර තිබේ.
මෙම අනතුරින් පුද්ගලයින් 24 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.










