පුවත් සහ සිදුවීම්

සෑම වසරකම අප්‍රේල් මාසය පුරා
නුවරඑළිය නගරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන වසන්ත සැණකෙළිය 2023 මෙවරත් උත්සවාකාරයෙන් අද (01) දින ආරම්භ විය.
නුවරඑළිය මහා නගර සභා නාගරික කොමසාරිස් හා අතිරේක දිස්ත්‍රික් ලේකම් එස්.පී.කේ.බෝධිමාන්න මහත්මියගේ ආරාධනයෙන් මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්, හා නුවරඑළිය දිස්ත්‍රීක් ලේකම් නන්දන ගලබොඩ මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන්ගේ සහභාගිත්වයෙන් මෙම උත්සවය පැවැත්වීම විශේෂිතයි.
පාසල් ළමුන්, ත්‍රිවිද හමුදාව හා පොලිසිය ඉදිරිපත් කළ තූර්ය වාදක සංදර්ශණ මගින් මෙම උත්සවය විචිත්‍රවත් කෙරිණි.
මෙම අවස්ථාවට හිටපු නගරාධිපති චන්දන ලාල් කරුණාරත්න මහතා ඇතුළු හිටපු නාගරික මන්ත්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

339454310 1437529550405965 2282363624101391166 n

339435967 1167181933988247 3682435623611258636 n

339429668 760541325604184 3788779371167304793 n

339314314 1621759361570131 2588610318153845151 n

339308969 732609365069795 7451331844136565937 n

339303218 134691136066830 8921853694144227393 n

339256472 102853429443827 1690460778450170180 n