ගම සමඟ පිළිසඳර ජාතික වැඩසටහනට සමගාමීව 2022 අයවැය යෝජනා මඟින් ක්‍රියාත්මක කෙරෙන වැඩ ලක්ෂයක් - ග්‍රාමීය සංවර්ධන වැඩසටහනේ නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 05 තුල, ග්‍රාම නිළධාරී වසම් 491 හි ම අද පෙරවරු 8.52 යෙදුණු සුභ මොහොතින් ආරම්භ විය.
වන ජිවි සහ වන සංරක්ෂණ අමාත්‍ය සි.බි. රත්නායක මහතා සහ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් වලපනේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ උඩවල ග්‍රාම සේවා වසමේදි නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රධාන උත්සවය පැවැත්විනි.
වලපනේ ප්‍රාදේශිය ලේකම් ආර්.ඒ. විජේසිංහ මහතාගේ මගෙපන්වීම මත මෙම උත්සවය සංවිධානය කර තිබු අතර එහි දි නිල සෙවන කාර්යාලයක් ඉදිකිරීම සඳහා මුල් ගල් තැබිම සිදු විය. එසේම මිරිදිය මත්ස්‍ය ව්‍යාපෘතියක්, කෙසෙල් වගා ව්‍යාපෘතියක්, කුකුළු පාලන ව්‍යාපෘතියක්, කළු බුලත් වගා ව්‍යාපෘතියක්, සහ වාරි ඇලක පැති බැම්මක් ඉදිකිරීම ඇතුළු සංවර්ධන කටයුතු ආරම්භ කිරීම සිදුවිය.
නුවරඑළිය දිස්ත්‍රික්කය පුරා සංවර්ධන ව්‍යාපෘති 2455 ක් සඳහා පළමු කාුව වෙනුවෙන් රුපියල් 549,318,000 .00 ක ප්‍රතිපාදන ලැබී ඇති අතර මෙහිදී යටිතල පහසුකම් සංවර්ධන, ජීවනෝපාය සංවර්ධන, සමාජ සුභසාධන සහ පරිසර හා තිරසර සංවර්ධනය යන අංශයන් යටතේ දිස්ත්‍රික්කය තුළ විවිධ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට සැළසුම් කොට තිබේ.
දිස්ත්‍රික්කයේ අනෙකුත් ප්‍රදේශිය ලේකම් කොට්ඨාශ වල පැවැති උත්සව සඳහා දිස්ත්‍රික්කය නියෝජනය කරන අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පලාත් සභාවේ හිටපු මන්ත්‍රීවරුන්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, රාජ්‍ය නිළධාරීන් සහ මහජනතාව එක්ව සිටිහ.

















