සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ අරමුණු සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් විවිධ ආර්ථික අපහසුතාවයන්ට පත්ව සිටින මෙන්ම සමාජආරක්ෂණය තහවුරු කල යුතුව ඇති කලාකරුවන් /ශිල්පින් හදුනාගෙන ඔවුන් වෙත හදිසි අනතුරු හා වෛද්‍යාධාර රක්ෂණ පිරිනැමීමට ජාතික උරුම, ප්රසාංගික කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශය සියලු කටයුතු සම්පාදනය කර ඇත.
ඒ යටතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ තෝරා ගත් කලාකරුවන් වෙත මෙම හදිසි අනතුරු හා වෛද්‍ය රක්ෂණ ඔප්පු පිරිනැමීම නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා අතින් පසුගියදා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදු කෙරිණ. මෙම අවස්ථාවට නුවරඑළිය දිස්ත්‍රික් සංස්කෘතික අංශයේ නිලධාරී මහත්ම මහත්මින්ද එක්ව සිටියහ.
- ඔබ මෙතැනය:
-
මුල් පිටුව
-
බාගත කිරීම්
-
Annual Performance Reports
-
News & Events
- නුවරඑළියේ කලාකරුවන් සදහා හදිසි අනතුරු හා වෛද්‍යාධාර රක්ෂණාවරණයක්






