පුවත් සහ සිදුවීම්

@USAID Sri Lanka ආයතනයේ SCORE ක්‍රියාකාරකම යටතේ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ස්ථාපනය කරන ලද උපදේශන සේවා මධ්‍යස්ථානය විවෘත කිරීම USAID යහපාලනය සහ අවදානමට ලක්විය හැකි ජනගහනය පිළිබඳ කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මයිකල් හේන්ස් මහතාගේ සහ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණ.


මෙම දිස්ත්‍රික් උපදේශන මධ්‍යස්ථානය, ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම්ව සිදුවන හිංසන වැළක්වීමේ නුවරඑළිය දිස්ත්‍රික් කමිටුව (SGBVP Forum) හා නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් පවත්වාගෙන යනු ලබන අතර ළමුන් සහ කාන්තාවන් සදහා අවශ්‍ය උපදේශන සේවාවන් ලබා ගත හැකිය. දිස්ත්‍රික්කයේ ජනතාවට උපදේශනයන් ලබා ගැනීමට හැකියාව ඇත. සතියේ දින පහක ජනතාවට මෙම කාර්යාලය මගින් තමන්ට අවශ්‍ය සේවාවන් ලබාගැනීමට හැකියාව ඇත.


මෙම අවස්ථාවට USAID ආර්ථික වර්ධන කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඩෙනිස් වෙස්නර් මහතා, SCORE ක්‍රියාකාරකමේ ප්‍රධානී ජෙයතේවන් කාර්තිජෙයන් මහතා, අතිරේක දිස්ත්‍රික් ලේකම් දිනිකා කවිසේකර මහත්මිය. ප්‍රාදේශීය ලේකම්වරුන්, SCORE ක්‍රියාකාරකමේ නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන්, කාන්තා සංවිධාන නියෝජිතයින්, සිවිල් සංවිධාන නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගී වූහ.


නුවරඑළිය දිස්ත්‍රික් මාධ්‍ය එක්කය

 

449683839 790721396557852 7565090703273584581 n

449731039 790721389891186 2146184800820015058 n

449338558 790721403224518 651310227152336926 n

449651777 790721466557845 3544368756189193367 n

449678021 790721479891177 5860356594724015817 n

449683401 790721503224508 8848677203654700984 n

449677619 790721589891166 6860268558437253993 n

449506143 790721619891163 4526911350039766626 n

449697539 790721613224497 1032933363738425327 n

449681699 790721663224492 376318136775341546 n

449519104 790721709891154 7631757459470847836 n

449310905 790721716557820 7926260995644946578 n

449743766 790721753224483 8697677356457718462 n

449365204 790721809891144 1248786689399356948 n

449408715 790721826557809 2511244995719435928 n

449477191 790721859891139 1806504879184345463 n

449529261 790721903224468 5458296669644489757 n

449532050 790721923224466 7650674557528394359 n