පුවත් සහ සිදුවීම්

නුවරඑළිය දිස්ත්‍රික්කයේ උප්පැන්න සහතික නොමැති සියලූම දරුවන්ට උප්පැන්න සහතික ලබා දීමට කටයුතු කිරීම දිස්ත්‍රික් ළමා හා කාන්තා සංවර්ධන කමිටුව වේ ප්‍රමුඛතම කාර්ය කරගත යුතු බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය පැවසීය.
ඇය තව දුරටත් පෙන්වා දුන්නේ දරුවන් වෙනුවෙන් කටයුතු කිරීමේ දි ඔවුන්ගේ උප්පැන්න සහතිකය අත්‍යාවශ්‍ය බවත්, එය නොමැති වීම හේතුවෙන් පාසල්වලට ඇතුළත් කිරීමේ දි සිට දරුවන් අපහසුවට පත්වන බවය.
නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දි පසුගිය (19) දා පැවති දිස්ත්‍රික් ළමා හා කාන්තා සංවර්ධන කමිටුව එක්වෙමින් දිස්ත්‍රික් ලේකම්තුමිය මෙම අදහස් පැවසීය.
දිස්ත්‍රික් රේජිස්ටාර් අ‍ංශය හා එක්ව ජංගම සේවා වැනි දැ සංවිධාන කරමින් උප්පැන්න සහතික නොමැති සියලු දරුවන් ට උප්පැන්න සහතික කඩිනමින් ලබාදීම සිදු කල යුතු බව ද ඇය තව දුරටත් පැවසීය.
දිස්ත්‍රික්කයේ සිටින පාසල් නොයන දරුවන් පාසල් ගත කිරීම,අවුරුදු 16 සම්පූර්ණ පාසල් නොයන දරුවන් වෘත්තිය පුහුණුවට ඇතුලත් කිරීම, ප්‍රවාහන අපහසුතා ඇති පාසල් යන දරුවන්ට සිසු සැරියය ප්‍රවාහන පහසුකම ලබාදීම, දරුවන් දමා විදේගතවන මව්වරුන් පිළිබඳව සෝයා බැලීම වැනි කරුණු පිළිබඳව අවධානය යොමු කරන ලෙස ද දිස්ත්‍රික් ලේකම්තුමිය මෙහිදී අවධාරණය කලේය.
මෙම අවස්ථාව ට අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) ශාලිකා ළිඳකුඹුර මහත්මිය, දිස්ත්‍රික්කයේ සියලූම ප්‍රාදේශීය ලේකම් වරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්, ශ්‍රී ලංකා පොලිසිය, කම්කරු කාර්යාලය,පරිවාස කාර්යාලය නියෝජනය කරමින් නිලධාරීන්, දිස්ත්‍රික්කයේ ළමුන් වෙනුවෙන් වැඩ කරන සියලූම රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයින්,ළමා හා කාන්තා එක්ක නිලධාරීන් ,විදේශ සේවා සංවර්ධන නිලධාරීන් සමාජ සේවා නිලධාරීන් ඇතුළු පිරිසක් මේ සදහා එක්ව සිටිහ.
1
2
3
4