ප්‍රජා ශක්ති "ගම් දහසක් වැඩ දහසක්" වැඩසටහනේ නුවරඑළිය දිස්ත්‍රික් සමාරම්භක වැඩසටහන නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ ගරු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීර ආරච්චි මහතාගේ සහ දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (02) පෙරවරුවේ අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගිනිගත්හේන ග්‍රාම සේවා වසමේදි ආරම්භවිය.
එළු අභිජනන හා අතුරු නිෂ්පාදන ව්යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කෙරෙන මෙම ව්යාපෘතිය මගින් ගිනිගත්හේන ග්‍රාම සේවා වසමේ තෝරා ගත් දිලිඳු පවුල් 15 ක් සදහා අවශ්‍ය සතුන් සහ මෙම සතුන්ට අවශ්‍ය බෙහෙත් ද්‍රවය ඇතුළු දැ ලබාදිම සිදුකිරීමට නියමිතය.
එසේම දැනට එළු පාලන ව්යාපෘතියක් සාර්ථකව සිදු කරන අමිත් පුෂ්පකුමාර මහතාට එළු කිරි ආශ්‍රිත නිෂ්පාදනය සැකසීමට අවශ්ය උපකරණ ලබාදිම ද මෙමගින් සිදු කෙරෙන අතර සමස්ථ ව්යාපෘතිය සදහා වෙන්කර ඇති මුදල රුපියල් ලක්ෂ 30 ක්,
මෙම ව්‍යාපෘතිය ට අදාළ පුහුණු කටයුතු ආරම්භ කිරීම අද සුභ මොහොතින් සිදු වු අතර ඒ සදහා අඹගමුව ප්‍රාදේශීය සභවේ ගරු සභාපති කපිල නාකන්දල මහතා ඇතුළු මහජන නියෝජිතයින්, නුවරඑළිය දිස්ත්‍රික් සැළසුම් අධ්‍යක්ෂ චමිලා රණසිංහ, අඹගමුව ප්‍රාදේශීය ලේකම් චමිල ජයසිංහ යන මහත්ම මහත්මින් ඇතුළු පිරිසක් එක්ව සිටිහ.
මෙයට සමගාමිව නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 10 ම නියෝජනය වන පරිදි ග්‍රාම සේවා වසම් 35ක් වෙනුවෙන් . ප්‍රජා සංවර්ධන සභා මගින් හඳුනාගත් නිෂ්පාදන ආර්ථිකය, ආහාර සුරක්ෂිතතාව සහ ජීවනෝපාය සංවර්ධනයට සෘජුවම දායක වන ව්යාපෘති 36 ක් ක්‍රියාත්මක කිරීම ට නියමිතය.
මේ සඳහා රුපියල් මිලියන 58.3 ක් වෙන්කර ඇත.












