පුවත් සහ සිදුවීම්

නුවරඑළිය සීතාඑළිය සීතා අම්මාන් කෝවිලේ ඉතිහාසය නිරූපිත මුද්දරයක් එළිදැක්වීම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සීතා අම්මාන් කෝවිලේදී 2023.04.23 සිදු කෙරිණ. මෙයට සමගාමිව සිතා අම්මාන් කෝවිලේ භාවනා මධ්‍යස්ථානය ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමද අග්‍රාමාත්‍යතුමන්ගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
මෙම අවස්ථාවට සීතාඑළිය විහාරාධිපති නුවරඑළියේ චන්දිම හිමිපාණන් ඇතුළු මහා සංඝ රත්නය , හින්දු පුජකතුමන්ලා, ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් භග්ලේ මහතා , කෝවිල් භාරකාර මණ්ඩලයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී, වී. රාධක්‍රිෂ්ණන් මහතා , පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සී. බී. රත්නායක මහතා , යදාමිණි ගුණවර්ධන මහතා, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා, ඉන්දීය දූත පිරිසේ ප්‍රධානි ප්‍රදීප් ජෙයින් මහතා , හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පුත්‍රසිගාමණී මහතා ඇතුළු දෙස්විදෙස් නියෝජිතයෝ රැසක් එක්ව සිටියහ.

342904911 951421286297463 1548928727337627548 n342901162 917110556222093 5845552607609031086 n342907242 277748491365616 2289895855102141341 n342984156 1349345975797111 9152202165820184149 n343003171 704309231700190 332672425146739282 n343046497 939588957236954 418228850231389511 n343075254 1096616181252652 1243019880750716647 n343103009 6339832829436885 4685553398959699033 n343194276 1571963166621093 8872941303772982612 n