පුවත් සහ සිදුවීම්

සෞභග්‍යයේ දැක්ම ප්‍රතිපත්තියට අනුව රාජ්‍ය සේවයට බදවාගත් අභ්‍යාසලාභී උපාධිධාරීන් වෙත සංවර්ධන නිලධාරී සේවයේ iii ශ්‍රේණිය සදහා ස්ථීර පත්වීම් ලබාදීමේ තවත් එක් වැඩසටහනක් වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා වලපනේ ඔස්ලින්ක් ශාලාවේදී පැවැත්විණ.
මෙහිදී අභ්‍යාසලාභී උපාධිධාරීන් 85 දෙනෙකු අතරින් පළාත් රාජ්‍ය සේවය සඳහා හැට පස් දෙනෙක් ද, මධ්‍යම රජයේ සේවය සඳහා උපාධිධාරීන් විසිදෙනෙක් ද, ස්ථීර පත්වීම් ලබා ගැනීමට සුදුසුකම් ලබා තිබිණි .
මෙම අවස්තාවට වලපනේ ප්‍රාදේශීය ලේකම් ආර්.ඒ. විජේසිංහ මහතා වලපනේ ප්‍රාදේශීය සභාවේ සභාපති අජන්ත හිත්තැටියගේ මහතා ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාල කාර්ය මණ්ඩලයද පත්වීම්ලාභී උපාධිධාරීන්ද එක්ව සිටියහ272052323 235928748703789 7492414733538253958 n

272252748 235928795370451 5594304957514874410 n

272256686 235928732037124 755475647708444314 n