පුවත් සහ සිදුවීම්

නුවරඑළිය දිස්ත්‍රික්කයේ තලවකැලේ නව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පරිපාලන කටයුතු සදහා විවෘත කිරීම ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතාගේ ප්‍රධානත්වයෙන් 2023.05.29 වන දින තලවකැලේ නගරයේ දී සිදුකෙරිණ .
කොටගල,තලවකැලේ,වටගොඩ,ලිඳුල,ඩයගම, ආගරපතන,බෝපත්තලාව, යන ප්‍රදේශවල ජනතාවට තම අවශ්‍යතා සඳහා නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණීමේදී විවිධ දුෂ්කරතාවයන් රාශියකට මුහුණ පෑමට සිදුවිය. එම ගැටළුවලට විසඳුමක් වශයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ හා සීමා නිර්ණය කමිටුවේ නිර්දේශයන්ට අනුව පරිපාලන පහසුව සදහා 2021.12 මාසයේ සිට තලවකැලේ උප කාර්යාලය පිහිටුවා තිබු අතර එය 2023.05.29 දින සිට නව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් ලෙස ස්ථාපනය කරන ලදී. නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයට අයත්ව තිබු ග්‍රාම සේවා වසම් 72 න් 34 ක් මෙයට අයත්ය.
මෙම විවෘත කිරීමේ උත්සවයට සදහා නුවරඑළීය දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී මරදපාන්ඩී රාමේෂ්වරන් මහතා ඇතුළු මහජන නියෝජිතයින් සහ නුවරඑළිය දිස්ත්‍රීක් ලේකම් නන්දන ගලබඩ මහතා ඇතුළු රාජ්‍ය නිළධාරීන් ප්‍රදේශවාසීන් පිරිසක් එක්ව සිටියහ.

349761123 1404698373405919 3887834823873022336 n349892273 796426118458376 80916732221243356 n349958335 250285131019603 7029568026305647755 n349984362 1779637565764097 4733201790944942332 n350015531 571560315147629 4310404561349934129 n350117440 2412601835569335 2725841819454511626 n350243729 605354354995986 7611972557508468195 n350250854 224018127086771 166311726369888556 n350472753 1279130359672370 8957357013673681788 n350490984 262182123148167 8523138483816195546 n350518253 1970300826645415 3386032609048413690 n350533250 1754182251651680 2578093375708329302 n