මාර්තු 08 දිනට යෙදුන ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් සංවිධානය කළ නුවරඑළිය දිස්ත්‍රික් උත්සවය රටකි, දැයකි, ලොවකි , කඳුරට ලිය සවිය, ඇය යන තේමාව ඔස්සේ ගරු වනජිවි හා වන සංරක්ෂණ අමාත්‍ය සි.බි. රත්නායක මහතා සහ ගරු කාන්තා සහ ළමා සංවර්ධන පෙර පාසල් සහ ප්‍රථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් සහ අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ආශ්චර්ය ශාලාවේදි අද (18) දින පැවැතිවිනි.
නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ මගපෙන්වීම මත දිස්ත්‍රික් කාන්තා අංශය මගින් සංවිධාන කළ මෙම සැමරුම් උත්සවයේ දි දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොටිඨාශ 05 තුලින් තොරාගත් දිරිය කාන්තාවන් 05 දෙනකු ඇගයීමට ලක්කිරීම සිදුවිය.
ඊට අමතරව කාන්තා කටයුතු වෙනුවෙන් කටයුතු කල පුද්ගලයින් සහ ආයතන ඇගයිම ද මෙහිදි සිදුවු අතර තොරාගත් කාන්තාවන් සඳහා ස්ව්යං රැකියා ආධාර ප්‍රධානයක් ද සිදුවිනි.
මෙම අවස්ථාවට දේශපාලන අධිකාරිය නියෝජනය කරමින් මහජන නියෝජිතයින්, කාන්තා සහ ළමා සංවර්ධන පෙර පාසල් සහ ප්‍රථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් සහ අධ්‍යාපන සේවා අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම් කුමාරි ජයසේකර, අතිරේක දිස්ත්‍රික් ලේකම් සුජිවා බෝධිමාන්න, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) විජිතා මයාදුන්න යන මහත්ම මහත්මින් ප්රමුඛ රාජ්‍ය නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටිහ.












