පුවත් සහ සිදුවීම්

පසුගියදා තමිල්නාඩු ප්‍රාන්ත රජය මගින් ශ්‍රී ලංකාව වෙත ලබාදුන් මානුෂිය ආධාර දිවයින පුරා අඩු අදායම්ලාභීන් වෙත බෙදා දීමේ වැඩසටහන මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතී.
එම වැඩසටහන යටතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඩු අදායම්ලාභී ජනතාව වෙත බෙදාදීමට නියමිත අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වල පළමු කොටස හෙට දිනයේ ලැබීමට නියමිත බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා පවසයි. ඉන්දීය ආධාර යටතේ නුවරඑළිය දිස්ත්‍රික්කයට සහල් මෙට්ට්‍රික්ටොන් 1750 ක් සහ කිරිපිටි මෙට්ට්‍රික්ටොන් 21 ක් ලැබීමට නියමිත අතර එම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය නුවරඑළිය,කොත්මලේ,වලපනේ,හගුරන්කෙත,අඹගමුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහේ බෙදා හැරීමට නියමිත බව දිස්ත්‍රික් ලේකම්තුමන් පවසයි.
අඩු අදායම් ලාභී එක පවුලකට සහල් කිලෝග්‍රෑම් 10ක බැගයක් ලබාදීමට නියමිතය. ඒ යටතේ නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 60314 කටත්,කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 34012 කටත් වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 36502කටත්,හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 32305 කටත්,අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 81504කටත් සහල් ලබා දෙනු ලැබේ
නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහෙන් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකට කිලෝග්‍රෑම් 1ක කිරිපිටි පාර්සල් 4000ක් බෙදා හැරීමට නියමිත අතර ඒවා ලබා දෙන්නේ කිරිදෙන මව්වරුන්ටත්, ගැබිණි මව්වරුන්ට සහ වයස අවුරුදු පහට අඩු ළමුන් සිටිනා තෝරාගත් පවුල් වලටය.

 

284110578 323497379946925 479795249565115689 n