පුවත් සහ සිදුවීම්

පවතින ආර්ථික අර්බුදය හමුවේ පිඩාවට පත් ජනතාවට ආහාර ටිකක් දිමට අවශ්‍ය කටයුතු කිරීම ග්‍රාමිය ආහාර සුරක්ෂිතාගාර වැඩ සටහනේ ප්‍රධාන අරමුණතක් බවත්, ඒ සඳහා ජනතාවගෙන් ලැබෙන සහායෝගය අගය කරන බවත් දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා පැවසීය.
දිස්ත්‍රික් ලේකම් වරයා මෙම අදහස් පැවසුයේ නුවරඑළිය දිස්ත්‍රික්කය තුල ග්‍රාමීය මට්ටමින් ආහාර සංචිත ඇති කිරීමේ වැඩ සටහන සඳහ අවශ්‍ය වියලි ආහාර ද්‍රව්‍ය තොගයක් පසුගිය (21) දා නුවරඑළිය ඒකාබද්ධ වෙළඳ සංවිධානය විසින් පරිතාග කළ අවස්ථාවට එක් වෙමින්.
මෙහිදි තව දුරටත් අදහස් දැක්වු දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කලේ පවතින තත්වය මත අග නගරයේ සමාන්‍ය රැකියා සිදුකළ බොහෝ පිරිසකට රැකියා අහිමිව ගමට පැමිණ ඇති බවත්, ඇතැම් පිරිස් වෙත ආහාර සපයා ගැනීම පිළිබඳව ගැටළු ඇතිවි ඇති බව වාර්තා වු නිසා යම් හො සහනයක් දීම වෙනුවෙන් මෙම වැඩ සටහාන ආරම්භ කළ බවය.
දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ අදහසක් අනුව ක්‍රියාත්මක කළ ග්‍රාමිය ආහාර සුරක්ෂිතාගාර වැඩ සටහන සමාරම්භය, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් M.B.R.පුෂ්පකුමාර මහතා ප්‍රධානත්වයෙන් පසුගිය දා අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කලුගල ග්‍රාම නිලධාරී කාර්යාලය පරිශ්රයේදී සිදු විය.
නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් මෙහෙයවන මෙම වැඩාසටහන යටතේ වියළි ආහාර සංචිතයක්, කල්තබාගත හැකි ආහාර එකතුවක් බීජ,දඬු,පැළ හුවමාරුව කිරීම, ගෙවත්තක්,සතිපොළ,අඩු වියදම් පෝෂණීය ආහාර සැකසීම ඇතුලු කටයුතු සිදුවේ.
මෙම අවස්ථාවට නුවරඑළිය ඒකාබද්ධ වෙළඳ සංගමයේ සභාපති ඩග්ලස් නානායක්කාර, ලේකම් අජිත් ජයසිංහ, සංවිධායක නාගරික මන්ත්‍රි මහින්ද සිල්වා යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටිහ.

288992536 341292751500721 3524684265424114905 n

289055760 341292828167380 1433962479748745178 n

289096118 341292768167386 3200586622325777778 n

289403801 341292784834051 4792181336667548949 n