නුවරඑළිය ප්රාදේශීය ලේකම් කොට්ඨාශයේ ප්රාදේශීය සංවර්ධන කමිටුව පසුගිය දා කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්රී ජීවන් තොන්ඩමන් මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්විණ.
නුවරඑළිය ප්රාදේශීය ලේකම් ප්රගීත් දනන්සූරිය මහතාගේ මෙහෙයවීමෙන් පැවැති මෙම සංවර්ධන කමිටු රැස්වීමේදී කොට්ඨාසයේ ගැටලු පිළිබඳව දිර්ඝව සාකච්ඡ කිරීම සිදුවිය.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්රී මරදපාඩි රාමේෂ්වරන් මහතා ඇතුළු මහජන නියෝජිතයින්, කොට්ඨාසයෙ රාජ්ය ආයතන ප්රධානින් ඇතුළු නිලධාරීන් රැසක් එක්ව සිටිහ.









