ජන හා නිවාස සංගණනයට අදාළව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ලයිස්තුගත කිරීම.
නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (06) නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී සිදු විය.
ජන හා නිවාස සංගණනයට 2024 ට අදාළ ව ලයිස්තුගත කිරීම පසුගිය පළමුවැනිදා ආරම්භ වූ අතර මේ වන විට නුවරඑළිය දිස්ත්‍රික්කයේ ග්‍රාම සේවා වසම් 491 ආරම්භ කර තිබේ.
ඊට අදාලව නුවරඑළිය හාවා එළිය බටහිර ග්‍රාම සේවා වසමේ පිහිටි නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ලයිස්තුගත කිරීම වසම භාරය ග්‍රාම නිලධාරිතුමිය විසින් මෙලෙස සිදු කරන ලදී.
මෙම අවස්ථාවට නුවරඑළිය දිස්ත්‍රික් සංඛ්‍යා ලේඛන අංශ ප්‍රධානී සංඛ්‍යාලේඛනඥ ශෂිකා ලේකම්ගේ, ජන ලේඛන හා සංඛ්‍යාව ලේඛන දෙපාර්තමේන්තුවේ සංඛ්යාලේඛනඥවරුන් වන තිළිණි හෙට්ටිගේ, වත්සලා වල්ගම, ඇතුළු පිරිසක් එක්ව සිටියහ.








