අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය මගින් සංවිධානය කරන මහජනතාවට අවශ්‍ය නීතිමය ලියවිලි ලබාදීමේ ජංගම සේවාවව අද ( 16) දින අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය සිනිසිටා නගර ශාලාවේ පැවැත්වීනි.
මෙම ජංගම සේවාවේදී
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, රෙජිස්ටර් ජෙනරාල් දෙපාර්තමේන්තුව, නීතිය ආධාර කොමිෂන් සභාව, සමථ මණ්ඩල කොමිසම, හානි පූර්ණය සඳහා වන කාර්යාලය, අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය, ජාතික සමගිය හා ප්රතිසන්ධානය සඳහා වන කාර්යාලය ඇතුළු කාර්යාලය වලින් අවශ්‍ය සේවා ලබාගැනීමට මහජනතාවට හැකියාව පැවැති අතර ඒ සඳහා විශාල පිරිසක් එක්ව සිටිම විශේෂිතය.
ලියාපදිංචි නොකළ උපත් ලියාපදිංචි කිරීම, උප්පැන්න , විවාහ සහ මරණ සහතිකවල පිටපත් ලබා ගැනීම, ජාතික හැඳුනුම්පත් ලබා ගැනීම, සංශෝධන ඉදිරිපත් කිරීම සහ නැතිවුන ජාතික හැඳුනුම්පත්වල දෙවන පිටපත් ලබා ගැනීම, නීති ආධාර සේවාවන්, සමථ මණ්ඩල සහ ණය සහනදායක මණ්ඩල පිළිබඳව දැනුවත් කිරීම ඇතුළු කටයුතු මෙහිදී සිදුවිය.
නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ උපදෙස් මත නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මෙම වැඩසටහනේ සම්බන්ධිකරණ කටයුතු සිදුකර තිබේ.
මෙම අවස්ථාට අධිකරණ බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා ඇතුළු පිරිසක් එක්ව සිටිහ.
දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය නුවරඑළිය.
















