පුවත් සහ සිදුවීම්

යාපනය විශ්ව විද්‍යාලයේ USAID ආධාර මත ස්ථාපිත කර ඇති උපදේශන සේවා මධ්‍යස්ථානයයේ කටයුතු නිරීක්ෂණයට සහ සේවා අත්දැකීම් හුවමාරුකර ගැනීමේ චාරිකාවක් සඳහා නුවරඑළිය රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් පසුගිය දා එක්විය.


නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.


නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ආශ්‍රිතව ස්ථාපිත කිරීමට කටයුතු යොදා ඇති උපදේශන සේවා මධ්‍යස්ථානය තුල සේවාවන් පවත්වාගෙන යායුතු ආකාරය පිළිබඳව නිලධාරීන් දැනුවත් කිරීම මෙම චාරිකාවේ ප්‍රධාන අරමුණ විය.
විශේෂයෙන් උපදේශන සේවා මධ්‍යස්ථානයක් පවත්වාගෙන යායුතු ආකාරයත් එහි ක්‍රියාකාරි සැලැස්ම මෙම නිලධාරීන්ගේ අවධානයට ලක් වූ අතර යාපනයේ දරුවන් මුහුණ දෙන සුවිශේෂ ගැටථ පිළිබඳව ද මෙහිදී සාකච්ජාවට ලක් කෙරිණි.


මෙම වැඩසටහන සඳහා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා , යාපනය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨ පීඨාධිපති ,ආචාර්යවරුන් ,විශ්ව විද්‍යාල සිසුන් සහ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාල නිලධාරීන්,රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් මෙන්ම USAID නියෝජිතයින් පිරිසක් ද එක්ව සිටිහ.


දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - නුවරඑළිය

 

417423555 713639787599347 4015978763504228629 n

417431438 713640074265985 8012125636739887392 n

417436527 713640067599319 352740067938473562 n

417392601 713639984265994 655772517923423196 n

417439328 713640090932650 3702003034003803519 n

417579383 713640010932658 7768639457609140923 n

419045314 713640154265977 7018638566365750994 n

420301020 713640124265980 6362997737346642760 n